කොරෝනා මැඩලීමට වෛද්‍ය ක්‍රම

කොරෝනා මැඩලීමට වෛද්‍ය ක්‍රම

චීනයේ කොරෝනා මැඩලීමට වෛද්‍ය ක්‍රම භාවිතා කිරීම සහ කොරෝනා මැඩලීමට වෛද්‍ය ක්‍රම ලංකාව තුළ භාවිතා කිරීම.
චීනය…. ඔවුන්ගේ රටේ TCM නොහොත් Traditional Chinese Medicine උපයෝගී කරගෙන කොරෝනා සදහා ප්‍රතිකාර කිරීමට වෙනම රෝහල් පවා පවත්වාගෙන යනවා. ඒ රටේ ඒ තරමට බටහිර , දේශීය කියලා නෑ දෙකම එක විදිහට තම රටේ ජනතාව වෙනුවෙන් මහන්සිවෙනවා.
ඒකට අපේ රටේ ,ආයුර්වේද උපාධිදාරී වෛද්‍යවරු, ප්‍රජා සෞඛ්‍යය සේවා නිළධාරීන් , කතිකාචාර්‍යවරු ඔවුන්ගේ දැනුමෙන් සහ මහන්සියෙන් , කරන් යන අගනා ක්‍රියාවලියට නිසි තැන ලබාදීමට බහුතරයක් ජනතාව , මාධ්‍ය අකමැත්තක් දක්වන්නේ මන්දැයි නොදනිමි. මේ රොගයෙන් වැළකීමට තමන්ගේ ප්‍රතිශක්තිකරනය හොද මට්ටමක තිබිය යුතුයි. එමෙන්ම සමාජ දුරස්ථීකරනය, මුඛ ආවරන පැළදීම කළයුතුයි.
ආයුර්වේදයේ මේ පිළිබදව වසර දහස් ගනනකට පෙර සදහන් කර ඇත.
ඊයේ දිනයේ කොළඹ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය නාමල් ජයවර්ධන මහතා සදහන් කල පරිදි ආයුර්වේදයේ මෙවැනි රෝගවලින් වැළකීමට මද උණුසුම් ජලයේ භාවිතය සිටම විස්තර කර ඇත.
අවසාන වශයෙන් කිවයුත්තේ ,ලංකාවේ අපේ ආයුර්වේද වෛද්‍යවරයෙකු ජනතාවට ප්‍රතිශක්තිකරණ ඖෂධ බෙදාහරින වීඩියෝවක් දැම්මට වඩා වැඩිපුර බැලීම් ප්‍රමානයක් චීනය ගෙනයන වැඩපිළිවෙල ගැන වීඩියෝවකට ලැබෙන බැවිනි. එම නිසා අපි වෙනස්වෙමු. කුඩාකල රතකල්කයෙන් , කොත්තමල්ලි තැම්බූ වතුරෙන් පටන් ගත් අපගේ දේශීයත්වය දැන්ම ඉදන්වත් අගයමු!

සටහන,
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය,
හර්ෂණ නිරිඇල්ල
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය,
කොළඹ විශ්ව විද්‍යාලය.

පහත Buttons මත ක්ලික් කරලා අපේ මේ ලිපිවලට Like කරන්න Share කරන්න .අපේ වැඩ හොදයිනම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා!

One Reply on “කොරෝනා මැඩලීමට වෛද්‍ය ක්‍රම”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *