ඛාලිත්‍ය (හිසකෙස් ගැලවීයාම) |Hair Loss According to Ayurveda

Hair Loss හිසකෙස් ගැලවීයාම

ඛාලිත්‍ය (Hair Loss හිසකෙස් ගැලවීයාම)

ක්‍රම ක්‍රමයෙන් වෙනස්වන ලෝකයේ මිනිසුන් ඉතාම කාර්‍යබහුල ජීවිතයක් ගතකරන අතර ඔවුන් නිදිවර්ජිතව ඇතැමුන් මානසික ආතතියෙන් යුක්තව එදිනෙදා ජීවිතය ගතකරයි.මේ සමගම ඔවුන්ගේ ආහාරමය හා විහරණමය පුරුදු ඔවුන්ට පහසු ආකාරයට ඔවුන් වෙනස්කරගැනීම නිසා (කෘතිම ආහාර(Fast Foods),මළ,මූත්‍ර වේග ධාරණය, හා උද්‍යෝගීබව අඩුවීම) එය ඍජුවම ශරීරයට අහිතකර ආකාරයෙන් බලපානු ලැබේ.මෙය වැඩි වශයෙන් සමට,හා හිසකෙස්වලට බලපාන අතර,හිසකෙස් ගැලවීයාම එයිනුත් ඉතා පීඩාකාරී ගැටලුවක් වී ඇත.

ප්‍රධාන වශයෙන් තරුණ පරම්පරාව මෙම ගැටළුකාරී තත්ත්වයට මුහුණ පාන අතර,එය කාන්තා සහ පිරිමි යන පාර්ශ්ව දෙකටම පොදු ගැටළුවක් වී ඇත.
මේ නිසාම මිනිසුන් මෙම ගැටළුවෙන් මිදීම සදහා නොදැනුවත්කම නිසාම ඉතා අධික වශයෙන් මුදල් යටකරමින් විවිධ වූ ප්‍රතිකාර,ඖෂධ, සහ කෘතිමව හිසකෙස් සිටවීම දක්වා වූ පිළියම් සදහා යෙදෙමින් පවතී.

ආයුර්වේද මතානුකූලව හිසකෙස් ගැලවීයාම, වාත,පිත්ත,කඵ,රක්ත දෝෂයන්ගේ හා අදාළ ස්‍රෝතස්හී විගුණතාවයන් නිසා සිදුවන අතර,
මේ සදහා හේතු ලෙස,

1.එකිනෙකට පටහැනි ආහාර හා විහරණයන්හී යෙදීම
2.පිත් කෝපකර ආහාර හා විහරණයන්හී යෙදීම
3.ආහාර ඉතා අල්පව,අධිකව හෝ වැරදි ලෙස ආහාරයට ගැනීම
4.අපිරිසිදු ජලය පානය හා ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම
5.හිසට තෙල් නොදැමීම
6.විෂ ශරීරගතවීම

නූතන සිද්ධාන්ත අනුව හේතු ලෙස,
1.හිසෙහි ඇතිවන දිලීර ආසාදන (Fungal Infections)
2. ආහාර ජීර්ණ පද්ධතියේ දිගුකල් පවතින තුවාල හා ප්‍රදාහ තත්ත්වයන්.(Ulcerative Colitis)
3.විටමින් E, B12, Iron, Zinc, Biotin ඌණතාවය
4.විටමින් A අධික මාත්‍රාවෙන් ශරීරගතවීම
5.විටමින් B6,ෆෝලික් ඇසිඩ් ආහාර මගින් ප්‍රමාණවත් ලෙස ශරීරයට නොලැබීම
6.ආමවාතය( Rheumatoid Arthritis )
7.Thyroid ග්‍රන්ථියේ සිදුවන වෙනස්කම්
8.Vitiligo
9.Radiotherapy & Chemotherapy (විකිරණ හා රසායනික චිකිත්සා)
10.SLE (Autoimmune Diseases)
11.Psychological Stress ( මානසික ආතතිය)
12.මන්ද පෝෂණය
13.ශරීරයේ හෝමෝන තුලිතතාවය වෙනස්වීම
14.රෝමකූපයන්හී ආසාදන තත්ත්වයන්
15.උපත්පාලන පෙති දිගුකල් ගැනීම
16.ශරීරයේ ලේ හිගකම ( Anemia)
17.Steroids දිගුකල් ගැනීම
18.Selenium සහිත ශැම්පු වර්ග දිගුකල් භාවිතය
19.ජානමය හේතූන්
20.ප්‍රමාණවත් නින්ද නොමැතිකම

නිරෝගී ,වැඩුණු පුද්ගලයෙකුගේ හිසෙහි මුළු හිසකෙස් ප්‍රමාණය 100,000 – 150,000 දක්වා වූ ප්‍රමාණයක් ඇතිබව දැක්වේ.එයිනුත් දිනකට හිසකෙස් 50-100 ප්‍රමාණයක් ගැලවී යාම සාමාන්‍ය වන අතර 100 හෝ 150 ට වැඩි ප්‍රමාණයක් ගැලවී යාම ගැටළුකාරී තත්ත්වයක් ලෙස සැලකේ.

ජානමය හේතූන් හැරෙන්න හිසකෙස් ගැලවී යාම පාලනය කිරීමට සහ සුවකිරීමට ඉතා හොද ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ඇති අතර, මේ සදහා ළගම ඇති රජයේ ආයුර්වේද රෝහලෙන් හෝ සුදුසුකම්ලත් උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඔබට ප්‍රතිකාර ලබාගත හැක.

තමාගේ ප්‍රකෘතිය අනුව හිසට සුදුසු තෙලක් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ලබගැනීම වඩා යෝග්‍යවන අතර දිනපතා පිරිසිදු පොල්තෙල්,තැඹිලිතෙල් හිසට යෙදීම දේශීය වශයෙන් ඉතා ඈත කාලයේ සිටම අපි හුරුපුරුදු වූ දෙයකි.

කොණ්ඩය රැකගමු,
මේ සදහා ඔබට අද දින සිටම මේ දේවල් සිදුකිරීමට හැකිය.
1.ඉතා රස්නෙ ජලයෙන් හිසට යෙදීම නොකරන්න
2.හැකි සෑම දිනකම හිසට තෙල් දමා මෘදුව සම්භාහනය කරන්න
3.මානසික ආතතිය දුරුකරගෙන උද්‍යෝගීව දවස ගෙවන්න,ප්‍රමාණවත් නින්දක් ලබන්න.
4.යෝගා කිරීම,ව්‍යායාම කිරීම ( හොදම ව්‍යායාමය ඇවිදීමයි)
5. ප්‍රමාණවත් ලෙස පිරිසිදු ජලය පානය කරන්න
6.Hair Dryer භාවිතයේදී හිස්කබලට අධිකව උණුසුම වදින සේ කොණ්ඩය වියළීමෙන් වළකින්න
7.අධික හිරු එළියේ වැඩකිරීමේදී හිස් වැස්මක් භාවිතා කරන්න
8.රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ශැම්පුවර්ග භාවිතය හැකිතාක් අඩුකර ශාක ද්‍රව්‍ය යොදා සෑදූ ශැම්පු වර්ග භාවිතයට පෙළඹෙන්න
9.නින්දට පෙර හිස හොදින් පීරන්න,මෙය ඔබගේ හිසකෙස්වල මූලයන්ට හොද රුධිර සැපයුමක් ලබාදීමට හේතුවේ,එමෙන්ම සුව නින්දකටද හේතුවේ
10.මත්පැන්,දුම්වැටි පානයත්,අධික ලෙස තෙල් අඩංගු ආහාරත්,කෘතිම ආහාරත් භාවිතය අඩු කර,පළතුරු, නිසිලෙස පිසූ එළවළු,පළාවර්ග සහ ප්‍රමාණවත් ප්‍රෝටීන සහිත සමබල ආහාරවේලක් හැකි සෑම මොහොතකම ලබාගැනීමට උත්සාහ කරන්න.

ඔබ සැමට නිරෝගී දිනයක් වේවා!

තවත් මෙවැනි කරුණු දැනගැනීමට පේජ් එකට ලයික් කර අප හා එක්වන්න.

සටහන,
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය ,
හර්ෂණ නිරිඇල්ල
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය
කොළඹ විශ්ව විද්‍යාලය

පහත Buttons මත ක්ලික් කරලා අපේ මේ ලිපිවලට Like කරන්න Share කරන්න .අපේ වැඩ හොදයිනම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *