මහත්වෙන්න ක්‍රම තියෙනවද? කෙට්ටුවෙන්න ක්‍රම තියෙනවද?

මහත්වෙන්න ක්‍රම තියෙනවද? කෙට්ටුවෙන්න ක්‍රම තියෙනවද?

මහත්වෙන්න හා කෙට්ටුවෙන්න ක්‍රම තියෙනවද? සමාජයේ කොහෙ ගියත් සුලබවම අපිට අහන්න ලැබෙන ප්‍රශ්න වලින් දෙකක් තමයි ඔය ප්‍රශ්න දෙක.ඕනෑවට වඩා මහත්වීම මෙන්ම ඕනෑවට වඩා කෙට්ටුවීමත් කෙනෙක්ට මානසික පීඩා ගෙනදෙන්නක් වෙන්න පුලුවන්.ඒත් කොහොමද අපි අපේ උසට සරිලන බර තියනවද නැද්ද කියලා හොයාගන්නෙ.
මෙන්න මේකට තියනවා “ශරීර ස්කන්ධ දර්ශකය” කියලා එකක්.ගොඩ දෙනෙක් මේක අහලා තියෙන්නත් පුලුවන් වෙනස්ම විදිහකට ඉංග්‍රීසි භාශාවෙන්. BMI – Body Mass Index.
මෙන්න මේ දර්ශකයෙන් අපට උසට සරිලන බර තියෙනවද කියලා හොයාගන්න පුලුවන් වගේම, ඔබ දුෂ්පෝෂණ තත්ත්වයකින් , ඒ කියන්නෙ මන්දපෝෂණ හෝ අධි පෝෂණ තත්ත්වයකින් පීඩා විදිනවද කියලා හොයාගන්න පුලුවන්.

සාමාන්‍යයෙන් මෙම BMI එක බර(kg)/උස(m)^2 යන සමීකරණයෙන් ලබාගන්න පුලුවන්. ලාංකීය වැඩිහිටියකුගේ මෙය 18 kg/m2 හා 23.5 kg/m2 අතර අගයක් තිබීම සාමාන්‍යයි. .මෙම අගයට වැඩි(>23.5) හෝ අඩු වීම(<18) දුෂ්පෝෂණ තත්ත්වයකි.

(BMI එක වයස අණුව ගැහැනු අයට,පිරිමි අයට සහ වැඩිහිටියන්ට අදාළ සටහන් Comment එකක් ලෙස යොදා ඇත)

මන්දපෝෂණේද ,අධිපෝෂණේද කියලා යාළුවො විහිළුවට කිව්වට,පටන් ගනිද්දි කිව්ව ප්‍රශ්න දෙක අහන විදිහට බොහෝ දෙනෙක් තමන්ට ඇත්තටම මන්ද/අධි පෝෂණේ තියෙනවද කියලා පරීක්ෂා කරලා ඇතිබවනම් හිතෙන්නේම නැතිතරම්. 😊 ඒ වගේම තමයි වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට කවුරුත් අහන ප්‍රශ්නයක් තමයි මහත්වෙන්න හා කෙට්ටුවෙන්න ක්‍රම තියෙනවද කියන එක.

එහෙනම් දැන් බලමු ප්‍රතිකාර ගන්න අවශ්‍ය කොයි වගේ අවස්ථාවකද?
සමහරුන්ට කොච්චර කෑවත් ඇගට අල්ලන්නෙ නෑ කියන වචන පෙලත් සුලබවම අහන්න පුලුවන් දෙයක්.තවත් සමහරුන්ට පොඩ්ඩක් කෑවත් නොකා හිටියත් මහත්වෙනවා කියන වචන පෙළත් ගොඩක් වෙලාවට අහන්න පුලුවන්.
අත්තටම මේ දේට හේතු ගොඩක් තියෙනවා,
තමන්ගේ එදිනෙදා ජීවන රටාව,ආහාර රටාව මේකට ගොඩක් බලපාන්න පුලුවන්.ඒ වගේම ශරීරයේ හෝමෝනවල තුලිතතාව බිදවැටීමක් නිසා මේ දේ වෙන්න පුලුවන්.(තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ඇතිවන රෝග තත්ත්වයන්)
ඔබ ගැහැණු කෙනෙකුනම්,අඩු හෝ ඉතා ඉහළ BMI අගයක් සහිතව, ඔබගේ ආර්ථව චක්‍රයේ අක්‍රමවත්බවක්ද තිබේනම් හැකි ඉක්මනට වෛද්‍යවරයෙකු වෙත යාම සුදුසුයි.
මෙම දුෂ්පෝෂණ තත්ත්වයේ බරපතල අවස්තාවන් තමයි අස්ථි දිරායාම සහ ආතරයිටිස් තත්ත්වයන්.
තවත් සමහරෙකුට ජානමය වශයෙන් කෙට්ටු බව සහ ස්ථූලබව ඇතිවෙන්න පුලුවන්.එතකොටනම් කොච්චර කෑවත් බිව්වත් මහත්වීමක් අපේක්ෂා කළ නොහැකියි.
ඒ වගේම තමයි නිසි මාර්ගෝපදේශනයක් රහිතව අරක කෑවම මහත්වෙනවා මේක කෑවම මහත්වෙනවා,මේ බෙහෙත හොදයි,මේ සප්ලිමන්ට් එක හොදයි කියලා භාවිතා කිරීමෙන් ඔබත් නොදැනීම ඔබගේ ශරිඋරය අභ්‍යන්තරයේ රෝග ගණනාවක් ඇතිවීමට ඉඩ තිබෙනවා.උදාහරණයක් ලෙස ඔබ ගොඩක් කෙට්ටුයි කියලා හිතන්න,ඔබ පුලුවන් තරම් කෑම ජාති කෑමෙන් සහ,තෙල් සහිත ආහාර,ඌරු මස් ආදිය ගැනීමෙන් අක්මාවේ තෙල් තැන්පත්වීම ,දියවැඩියා තත්ත්වය ඇතිවීම ආදී ලොකු කරදර ගොන්නක පැටලෙන්න ඉඩ තියෙනවා.

ස්ථූල අයට,තමන්ගේ ජීවන රටාව,ආහාර රටාව වෙනස්කරගැනීම මගින් ලොකු වෙනසක් ඇතිකරගන්න පුලුවන්.
ආයුර්වේදයට අනුව හොදම ව්‍යායාමය වන්නේ ඇවිදීමයි.දිනකට පැය බාගයක් ඇවිදීම තුලින් මෙන්ම කැලරි අඩුආහාර රටාවක් අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න පුලුවන්.අධික මේද සහිත ආහාර,කෘතිම ආහාරවර්ග ඔබේ සතුරන් ලෙස සළකනවනම් වඩා සුදුසුයි.

එමෙන්ම ආහාර ගත් විගස තේ පානය,ආහාර ගත් විගස නිදාගැනීම වැනි වැරදි පුරුදුත් අකමැත්තෙන් හරි අත්හැරගන්න සිදුවෙනවමයි.ආහාර ගත්පසු උණුසුම් වතුර වීදුරුවක් බොන්න.නින්දට පැය 3කට පෙරවත් ආහාර ගැනීමට පුරුදුවෙන්න.

එමෙන්ම හොද නින්දක් ලබන්න,මානසිකව පීඩාවක් ගෙනදෙන යමක් වේනම් හෝ ඕනෑවට වඩා මනස වෙහෙසකරවන අයෙකුනම් මනස සැහැල්ලුවීමට යෝගා ආදිය කිරීමෙන් ප්‍රතිඵල අත්කරගන්න පුලුවන්.මොකද මෙවැනි රෝග ඍජුවම ඔබගේ ශරීරයේ අයහපත් වෙනස්කම් ඇතිවීම ජෙරෙහි බලපානවා.

දැන් තාක්ෂණය දියුණු බැවින්,ඔබගේ බර අඩුකරගැනීමට දිනකට දහනය කළයුතු හා දිනකට ගතයුතු කැලරි ප්‍රමාණය දක්වන වෙබ් පිටු දැන් අන්තර්ජාලයේ ඔනෑතරම් තිබෙනවා.එවැන්නක් යොදාගැනීම ඉතා ප්‍රායෝගිකයි.

එමෙන්ම දැන් Smart Watch, ඉතා අඩු මිළට වෙළදපලෙන් ලබාගන්න පුලුවන්.එමගින් ඔබගේ දෛනිකව දහනය වන කැලරි ප්‍රමාණය,හෘද ස්පන්දන වේගය ආදිය පහසුවෙන්ම දැනගත හැකියි.

මෙම මාතෘකාව සම්බන්ධයෙන් විස්තර කිරීමට බොහෝ දේ ඇතිනමුත් මේ පැවසූ දෑ මගින් ඔබගේ ජීවිතයට යමක් ලැබුනා යැයි සිතනවා.
සෑම විටම එක එක්කෙනාගේ අත්දැකීමෙන් හෝ ඔහේ කියන දේ කරන්න නොයා ලංකාවෙ නොමිලේ දෙන වෛද්‍ය සේවයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න.බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල ඇතුළු දිවයින පුරා වූ සියළුම රජයේ ආයුර්වේද රෝහල්වලින් ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස්,ඖෂධ , මෙන්ම යෝගා වැඩමුළු,සායනයන් යන පහසුකම් නොමිලේම ලබාගත හැකියි.
සෑම විටම උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරයෙකු කෙරෙහිම ප්‍රතිකාර සදහා යොමුවන්න.

ඔබ සැමට නිරෝගී දිනයක් වේවා!

Youtube Link : https://www.youtube.com/channel/UCroxheTduCAbyoXPvMgzvfQ

සටහන,
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය,
හර්ෂණ නිරිඇල්ල
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය,
කොළඹ විශ්ව විද්‍යාලය.

පහත Buttons මත ක්ලික් කරලා අපේ මේ ලිපිවලට Like කරන්න Share කරන්න .අපේ වැඩ හොදයිනම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා!

3 Replies to “මහත්වෙන්න ක්‍රම තියෙනවද? කෙට්ටුවෙන්න ක්‍රම තියෙනවද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *