සිගරට් බොනවද? | Health effects of smoking

සිගරට් බොනවද Health effects of smoking

❌සිගරට් බොනවද ?🚬 ❌ප්‍රතිඵලය දන්නවා ද ?
❌මඟහැර ගැනීම
අපහසු ද….?😞

වැඩිහිටි පිරිමියෙකුගෙ ආයු කාලය වසර 13කින් පමණ ද වැඩිහිටි කාන්තාවක ආයු කාලය වසර 14 1/2 ක පමණ බිලිගන්නා දුම් පානය හේතුවෙන් සෑම තත්පර 6කට වරක් ජීවිතයක් බිලිගන්නා බව ට ඔබ දැනුවත් ද? මේ ආකාරයෙන් දුම් පානය හේතුවෙන් ලෝකයෙ වසරකට ජීවිත 600,000ක් පමණ අහිමි වන බව ඔබ දන්නවා ද..? 🤔

🔵 මොකක් ද මේ
සිගරට් එකක්
කියන්නෙ?

සරලව ම කිව්වොත් නිකොටින් ශරීරයට ඇතුල් කර්න්න හඳපු හරිම සරල උප්කරණයක්… 😒

නිකොටින් මගින්…,
🔸රුධිර පීඩනය, හෘද
ස්පන්දනය වැඩි කරයි.
🔸රුධිර වාහිනී වල
ප්‍රමාණය කුඩා කරයි.
🔸රුධිරයේ සංයුතිය
වෙනස් කරයි.
🔸 පරිවෘතීය ක්‍රියා අක්‍රමවත් කරයි.

🔵 මොනව ද මේ සිගරට් වල අඩංගු….?🤔


Nicotin,Carbon Monoxid,Cadmium,vinyle chloride,Acetone,Naphtylamine,Menthole,Napthalene,DDT,Polonium 210,Dibenzachridine,Arsenic,Toluene,UrethanexAmmoniac,Cyanhydric acid ආකාරයෙන් රසායනික ද්‍රව්‍ය රාශියක් මෙතුළ අඩංගු අතර එහි පිළිකාජනක 40කට වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා.

🔵මොනවද මේ e
සිගරට් කියන්නෙ ?🤔

මෙහි අරමුණත් දුම්වැටියකට බොහෝ සෙයින් සමානයි. මෙහිදි සිදුවන්නේ සාමාන්‍ය දුම්වැටි වල ඇති රසායන ද්‍රව්‍ය තාපය හමුවෙ වියෝජනය වීමෙන් ඇතිවෙන අහිතකර බලපෑම් අඩු කර සිරුරට වැඩි හානියක් නොමැති ප්‍රොපිලීන් ග්ලයිකෝල් සහ ග්ලිසරීන් මාධ්‍යක නිකොටීන් දිය කර සාදා ඇති ද්‍රාවණයක් වාෂ්ප කිරීමෙන් නිකොටින් ශරීරගත කිරීම. නමුත් මෙය සෞඛ්‍යාරක්ෂිතයයි කිසිසේත්ම කිව නොහැක. 🤬

🔵සිගරට් බීමෙන් අත්
විදීමට සිදු වන දේ…

සිගරට් බීම මගින් හුදෙක් තම සෞඛ්‍ය පමණක් නොව සම මනසිකත්වය් මෙන්ම් සමාජීය ප්‍රතිරූපය ද ඉතා වේගයෙන් පිරිහි යන බව ඔබට දැනෙනවාද..? කුඩා සිගරට්ටුවකට් ඇබ්බැහි වීම නිසා……….,

🔸හෘද රොග
(විශේෂයෙන්ම
හෘදයාබාධ සහ
අඝාතය/stoke)
🔸රුධිර වාහිනී ආශ්‍රිත
රෝග
🔸හදීසි මරණ
🔸පෙනහළු පිළිකා
🔸මුඛ පිළිකා
🔸අන්නස්‍රොතය,
ආමාශය, අග්‍න්‍යාශය,
වකුගඩු ,මුත්‍රාශය,
ස්වරාලය, අක්මාව
ආශ්‍රිත පිළිකා
🔸 ලියුකේමියාව
🔸ලිංගික බෙලහීනතාව
🔸ලියුකේමියාව
🔸ශුක්‍රාණු නිපදවීම අඩු
වීම. මුලු ශුක්‍රාණු
ප්‍රමාණයෙන් 24%ක්
හෙවත් 1/4ක් විකෘති
ශුක්‍රාණු නිපදවයි.
🔸ලියුකේමියාව
🔸ක්ෂය රෝගය
🔸මුඛ දුර්ගන්ධය, දත්
කහ වීම, විදුරුමස්
රෝග
🔸සම රැලි වැටීම,
නියපොතු අවපැහැ
වීම, අවලස්සන
පෙනුම
🔸සංවේදන දැනීම අඩු
වීම.
🔸ශාරීරික ශක්තිය
පිරිහීම.
🔸මාතෘ මරණ
🔸 හදිසි අනතුරු
🔸සියදිවි නසාගැනීම්
🔸මනුෂ්‍ය ඝාතන
🔸ආදයම පිරිහීම
🔸 දරුවන් ඒ වෙත
පෙළබීම.

🔵 සිගරට් බොන ඔබ
නිසා ඔබ වටා සිටින
ආදරණීයන්ට අත්වන් ඉරණම….😯

ඔබ දුම් පානය කරන විට ඔබ වටා සිටින පිරිස ද අක්‍රීයව දුම් පානයකට ලක් වේ. සක්‍රීය දුම් පානයට වඩා අක්‍රීය දුම් පානය 50×කින් ශරීරය ට අහිතකර බව ඔබ දන්නවා ද? මේ හේතුවෙන්..

🔸ඇදුම
🔸නිදන්ගත කැස්ස
🔸හදිසි ළදරු මරණ
🔸කනේ අසාදන්
🔸ශ්වසන අපහසුතා
🔸වමනය
🔸කරකැවිල්ල
🔸ඇස් දැවිල්ල

🔴 ගර්භණී
මවකටනම්……
🔹මළදරු උපත්
🔹අඩුබර උපත්
🔹නොමේරු දරු උපත්
🔹ගබ්සා වීම
වැනි තත්වයන් ද ඇති විය හැක.

🔵සිගරට් බොන එක
නැවැත්තුවොත්…..🙄

🔸 සිගරට් බීම
නැවතීමෙන් විනාඩි
20ක් තුළදී රුධිර
පීඩනය අඩු වන බව
දන්නවාද. ?
🔸පැය 8කට පසු රුධිර
ගත CO(කාබන්
මොනොක්සයිඩ්)
මට්ටම අඩු වේ.
🔸දිනකින් හෘද රෝග
ඇති වීමේ අවදානම
අඩු වේ.
🔸සති 2-4 කාලය තුළ
ඔබගේ පෙනහලු වල
ක්‍රියාකාරිත්වය
30%කින් වැඩි වේ.
🔸 මාස 1-12 අතර
කාලයක් තුළ හුස්ම
ගැනිමේ අපහසුතා,
කැස්ස නැති වී
පෙනහලු වඩා
ක්‍රියාකාරී වී පිරිසිදු
කිරීමේ ක්‍රියාවලිය
හොදින් සිදු වේ.
පෙනහලු ආසාදනය
වීම අවම වේ.
🔸වසර 4ක් පමණ ගත
වන විට දුම් පානයට
ඇබ්බැහි වූවෙකුට
වඩා ආඝාතය ඇති
වීමේ අවදානම අඩු වේ.
🔸එමෙන්ම වසර 10ක්
පමණ ගතවන විට
පෙනහලු පිළිකා ඇතුලු
ඉහත සදහන් කර
ස්ථාන වල පිළිකා ඇති
වීමේ අවදනම දිගට
දුම් පානය
කරන්නෙකුට වඩා
අඩකින් අඩු වේ.
🔸එමෙන්ම දුම් පානය
නතර කර මොහොතේ
පටන් දුම් පානය නිසා
ඇති වූ අවලස්සන
පෙනුම, මුඛ
දුර්ගන්ධය, දත් කහ
පැහැ වීම, සම රැලි
වැටීම, තොල් කලු වීම,
නියපොතු වල
අවපැහැය ක්‍රමයෙන්
නැති වී යයි.
🔸 සංවේදී ඉන්ද්‍රියයන්
හොඳින් ක්‍රියා කිරීමට
පටන් ගනී. රස සුවද
ආදිය හොදින් දැනේ.
🔸ආර්ථික මට්ටම ඉහළ
යයි.
🔸 සමාජය තුළ හොඳ
ප්‍රතිරූපයක්
ගොඩනැගේ.
🔸 එමෙන්ම අක්‍රීය දුම්
බීමෙන් ඔබ වටා සිටි
අයට ඇති වූ අහිතකර
බලපෑම් නැති වේ.

🔵 ස්වාධීනවම දුම් බීම
නතර කිරීමට
සැලැස්මක් සකසා
ගන්න…….😇

දුම් බීමය ඇබ්බැහි වූවෙකුට ඉන් ගැලවීම පහසු නොවේ. ඇතැම් විට ඔහුට විශාදය පවා ඇතිවිය හැක. නමුත් එය හරි ආකාරයට අරමුණක් සහිතව කළහොත් අනිවාර්යයෙන් ම සදහටම නවතා දැමිය හැක.

දුම් බීම නවතනවායැයි අදිෂ්ටානයෙන් යුතුව මුල් දිනයේදී සැලැස්ම ආරම්භ කරන්න. ඒ සදහා හෙට දවසට කල් දමන්න නොව අද දැන් මේ මොහොතම ප්‍රයෝජනයට ගන්න. දුම් බීමට සම්බන්ධ සියලු දේ(ලයිටරය,දුම් බදුන)තමාගෙන් ඉවත් කරන්න. අහාර වේලකට පසු බොහො අයට දුම් බොන්න සිතෙනවා. එවිට ආහරය ගත් වහාම වෙන වැඩක නිරත වෙන්න. සිගරට් පෙට්ටිය වෙනුවට අතට පෑනක් ගන්න සිගරට්ටුවක් දැල්වීමට සිතෙන සෑම විටම පහනක් ඉටිපන්දමක් දැල්වීම ට පුරුදු වෙන්න. සිගරට් බීමෙන් තම ශරීර අභ්‍යන්තරයට වන හානි ගැන නිතර සිහි කරන්න. චිත්‍ත රූප මවාගන්න.

මත්පැන් සිගරට් භාවිතා වන උත්සව අවස්ථා මග හරින්න. දුම් බොන අය අසල ගැවසීමෙන් වළකින්න. සිගරට්ටුවක් මිළදි ගන්නට සිතෙන සෑම විටම ඒ මුදල වෙන් කරන්න. සතියකට මාසයකට තමා සතුව ඉතිරි වන මුදල කෙතරම් ද බලන්න. එය තමා කැමති දෙයක් (කැමති ඇදුමක් ගන්න, කෑම වේලක් කන්න, ආදරය කරන යමෙකුට තෑග්ගක් ලබා දෙන්න) වෙනුවෙන් වැය කරන්න. දුම් ඉරීමට සිතෙන සැමවිටම රටකජු, කුරුදු, සීනි,ඇපල් වැනි දෙයක් කටට දමා ගන්න.

කෝපි,මත්පැන් ආදිය පානය අඩු පළතුරු යුෂ පානයට පුරුදු වෙන්න. හොදින් ව්‍යායාම කරන්න. දුම් බීම නැවැත්තූ විට බොහෝ දෙනාගේ බර වැඩි වීමට පටන් ගනික්. නිතරම තම වැඩ ආසාවෙන් කරන්න.විනෝදාංශයක නිරත වෙන්න.පවුලේ අය සමග කාලය ගත කරන්න.සහනයෙන් සිටින්න.

දුම් බීමට සිතෙන සෑම විටම එය කල් දමන්න. විනාඩි 5කින් 10කින් යැයි සිතමින් එය කල් දැමීමට පුරුදු වෙන්න. දුම් බීම නැවතූ කෙනෙක් නැවත දුම් වැටියක් දැල්වූ පමණින් මට සිගරට් නැතුව ජීවත් විය නොහැකිය සිතනවානම් එය වැරදි සිතුවිල්ලකි. පසුබෑමක් ඇති වන සෑම අවස්ථාවකම එය ජයග්‍රහණය කරන්න. නැවත උත්සහ කරන්න. තම මනේ භාවය ගැන දැඩි ලෙස විශ්වාසය තබන්න. දුම් බීම නැවතීමෙන් පසු තම රූපයේ වෙන වෙනස්කම ගැන නිරීක්ෂණය කර සතුටු වෙන්න. තම ජීවිත අවදානම අඩු වීමෙන් තමාට මෙන් ම තම පවුලට ද වෙන යහපත ගැන සිතන්න.

අවශ්‍යතාව අනුව ඉහත ක්‍රියාවලිය සදහා වෛද්‍ය උපදෙස් මත නිකොටින් ප්‍රතිකර්මය යොදන්න.

💢අවශ්‍යතාව අනුව මනෝ උපදේශනයක් ලබා ගන්නට මැලි නොවෙන්න.

💢ස්වාපනය මගින් ද දුම් පානය නතර කළ හැකිය.

💢කටු චිකිත්සාව මගින් ද මීට ප්‍රතිකර්ම කළ හැකි බව දැන් සොයාගෙන ඇත.

දැන් තීරණය ඔබ අතේය….🤗

ඔබේ සෞඛ්‍ය ගැන සියල්ලටම පෙර ඔබ සිතන්න. ඔබ ඔබට ආදරය කිරීමෙන් ඔබේ ආත්මශක්තිය වැඩි වෙන අතර එමගින් ඔබගේ නරක පුරුදු වලින් අත්මිදී නිරෝගිමත් දිවියක් ලබා ගන්න……

✍සටහන:
කවී යහතුගොඩ
ආයුර්වේද වෛද්‍ය
ශිෂ්‍යා,
දේශීය වෛද්‍ය විද්‍යායතනය,
කොළඹ විශ්වවිද්‍යාලය

පහත Buttons මත ක්ලික් කරලා අපේ මේ ලිපිවලට Like කරන්න Share කරන්න .අපේ වැඩ හොදයිනම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා!

[Health effects of smoking]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *