Rathana Sutra

කොරෝනා ජයගනිමු!

ආයුර්වේදය යනු?

වසර දහස් ගණනකට පෙර ස්වභාවික විද්‍යාවන්ට අනුකූලව මිනිසාගේ ආයුෂය වර්ධනය කිරීමට නිර්මාණය වූ වෛද්‍ය විද්‍යාව ආයුෂ පිළිබඳ විද්‍යාව නොහොත් ආයුර්වෙදයයි.

කොරෝනාව හමුවේ ඉතාලිය අසාර්ථක වුනේ ඇයි?

මේ වන විට ඉතාලිය COVID-19 ආරම්භක ප්‍රදේශය වූ චීනයටත් වඩා දරුණු තත්ත්වයකට පත්ව ඇත. දෛනික මරණ සංඛ්‍යාව 800 ට ආසන්න අගයක් පැවති දින ද සහිතව ඉතාමත් ඛේදනීය තත්ත්වයකට පත් වී ඇත. යුරෝපයේ දියුණු රටක් ලෙස සැලකෙන ඉතාලියට මෙම තත්ත්වය ඇති වීමට බල පෑ හේතුන් සම්බන්ධ අවබෝධයක් ලබා ගැනීම උදෙසා මෙම ලිපිය නිර්මාණය කිරීමට අප දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව ලෙස අදහස් කළෙමු.

ඉතාලියට මෙම වෛරස බලපෑම ආරම්භ වූ පසු ඔවුන් රටම වසා දැමුවේ පියවරෙන් පියවර වේ, ඒ අතරතුර ජනතාව ආරක්ෂක පියවරයන් අනුගමනය නොකළහ. එමෙන්ම බලපෑමට ලක් වූ ප්‍රදේශ හුදකලා කිරීමට හා පුළුල් ජනගහනයේ සංචලනය සීමා කිරීමට පියවර ගැනීමට කල් ගැනීම සිදුවිය. ඉතාලියේ ප්‍රධානම අවධානය යොමුව තිබුනේ මූලික සිවිල් නිදහස මෙන්ම ආර්ථිකය ආරක්ෂා කර ගැනීම පිලිබඳවය. එබැවින් සමහර බලධාරීන් මෙම වසා දැමීමේ තීරණ ගැනීමට පසුබට වූහ.
වසංගතය පැතිරයාමේ තීරණාත්මක මුල් දිනවල රජයේ ඉහළ නිලධාරීන් වෛරසය පැතිරීමට ඉඩ සලසන ව්‍යායකුලත්වයක් හා ව්‍යාජ ආරක්ෂාවක් පිළිබඳ හැගීමක් ඇති කරමින් තර්ජනය මැඩ පැවැත්වීමට උත්සාහ කළහ.
ඉතාලි රජය වෛරසය පරාජය කිරීම සදහා අවශ්ය වන්නේ සමස්ත වසා දැමීමක් බව වරක් සලකා බැලුවත් නීතිරීති පිළිපැදීමට ඉතාලියානුවන් පොළඹවා ගැනීමට තරම් ප්‍රබල ලෙස සන්නිවේදනය කිරීමේලා අසමත් විය.
ජනවාරියේදී දකුණු ප්‍රදේශයේ යම් නිලධාරීන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ චීනයේ නිවාඩුවලින් ආපසු පැමිණෙන උතුරු ප්‍රදේශවල පාසල් දරුවන් නිරෝධායනය කරන ලෙසයි බොහෝ ලිබරල්වාදීන් එම යෝජනාව ජනතාවාදී බිය ඇතිකිරීමක් ලෙස විවේචනය කළහ. අගමැතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර ප්‍රතිචාර දැක්වූයේ අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දුව ආණ්ඩුකාරවරුන් විශ්වාස කළයුතු බවයි.
ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ ගිය ද අගමැතිවරයා පැවසුවේ ඉතාලිය ආරක්ෂිත රටක් බවත් අනෙකුත් රටවලට වඩා බොහෝ ආරක්ෂිත බවත්ය. මෙම සහතික කිරීම් හමුවේ ජනතාව ද ව්‍යාකුල වූ අතර බොහොමයක් තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කළහ.

පෙබරවාරි 18 වන දින ලොම්බාර්ඩි හා ලෝඩි පළාතේ කුඩා නගරයක් වන කොඩොග්නෝහි පිහිටි රෝහලකට 38 හැවිරිදි පුද්ගලයකු පැමිණියේ අසාධ්‍ය උණ රෝග ලක්ෂණ පහළවීම නිසාය. රෝගියා රෝහල්ගතවීම ප්‍රතික්ෂේප කර නිවසට ගිය අතර පැය කිහිපයකට පසුව නැවත ඔහු අසනීප වී රෝහලට පැමිණ සාමාන්‍ය වාට්ටුකට ඇතුලත් කරනු ලැබීය. පෙබරවාරි 20 වන දින ඔහුව දැඩි සත්කාර ඒකකයට මාරු කරනලද අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගන්නා ලදී.
එම රෝගියාගේ පසුගිය මාසය ගතව ඇත්තේ ඉතා කාර්යබහුලවය.ඔහු අවම වශයෙන් රාත්‍රී භෝජන සංග්‍රහ තුනකට සහභාගි වී තිබූ අතර පාපන්දු ද ක්‍රීඩා කර ඇත. ඔහු එම දවස් ගත කර ඇත්තේ අධික රෝග ලක්ෂණ නොමැතිව වුවද බෝවන රෝග ලක්ෂණ ඇතිවය.
මෙම රෝගියා ඉතාලියේ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක සිටීම හා රෝහලට වරක් නොව දෙවරක්ම ගිය නිසා රෝගය වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු සියගණනක් මිනිසුන්ට ආසාදනය වී ඇති බවය.
ඔහුට චීනය සමග ඍජු සබඳතා නොතිබූ අතර විශේෂඥයින් සැක පළකරන්නේ ඔහුට වෙනත් යුරෝපීයයෙකුගෙන් වෛරසය වැළඳුණු බවයි. ඉන් අදහස් වන්නේ ඉතාලිය තුළ හදුනා නොගත් හෝ වෛරසය අන්තර්ගත වෙනත් බෝවන ප්‍රභවයක් තිබූ බවයි.

වසංගත රෝග විද්යාඥයන් ආසාදනයේ වක්‍රය පෙන්වීය. කලාපයේ පිළිගත් සෞඛ්‍ය පද්ධතියට මුහුණ දීමට සිදුවන ව්‍යසනය ඉන් පැහැදිලි විය.දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මධ්‍යම රජයට බලපෑම් කළහ. එමෙන්ම රෝමයෙන් ලද ව්‍යාකුල සුභ අසුභ නිවේදන නිසා ඉතාලි ජනය එම නිවේදන විහිලුවකට පමණක් සිමා කළහ.
රෝගය බෝවීම වැඩි වී ඇත්තේ ව්‍යාකුලව පැවති සති දෙක තුළයි. එම කාලය තුළ සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කිරීමට තරම් මහජනයාට ආරක්ෂිත බවක් දැනුනත් ඒ නිසාම රෝගය පැතිර ඇතිබව වෛරස් විශේෂඥයින්ගේ මතයයි.
මිලානෝහි නගරාධිපති Beppe Sala විසින් මිලානෝ කිසිදා නොනවතින බව පවසමින් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය අතර සංචාරක ආකර්ශනයක් වන Duomo දෙව්මැදුර යළි විවෘත කළේය.
එමෙන්ම රෝග ලක්ෂණ නොමැතිව පුද්ගලයන් පරීක්ෂා කිරීම සම්පත් හිඟයකට මග පාදන බව රජය තර්ක කළ ද ඊට එරෙහිව Zaia මහතා කියාසිටියේ රෝග ලක්ෂණ නොමැතිවද බෝවිය හැකි පුද්ගලයින් පරික්ෂාව තුළින් හදුනා ගැනීම නිසා වෛරසය පැතිරීමේ වේගය අඩුවන බවයි. නමුත් මෙම ක්‍රියාමාර්ග නිසි ලෙස ඉටු කිරීමට ඉතාලි පාලකයින් හා ජනතාව බසුබට විය.

මෙම කරුණු හේතු කරගෙන ඔවුන් අවශ්‍ය පියවරයන් ගන්නා විට වෛරසය පැතිරී ගොස් අවසන්ය. ප්‍රධාන ලෙසම ඉතාලිය ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වසංගත රෝග විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම් පිලිබඳ අවධානය යොමු කර නැත. ඔවුන්ගේ ප්‍රධානම අරමුණ බවට පත් ව ඇත්තේ ආර්ථිකය පමණක් බව ඉහත අවස්ථා ගණනාවකින් පැහැදිලි වේ. එමෙන්ම ජනයා ද තමන්ගේ නිදහස පිලිබඳ පමණක් උනන්දු වූ බවක් පෙනෙන්නට තිබේ. කෙසේ හෝ මෙම අසාර්ථකභාවය නිසා මේ වන විට චීනයට වඩා වැඩි හානියක් ඉතාලියට වෛරසය මඟින් සිදුවී ඇත, සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකාව සැළකු විට ඉහත ක්‍රියාමාර්ග 100% ගැනීමට ප්‍රයෝගික අපහසුකම් පැවතිය ද පවත්නා පාලන තත්ත්වය දීර්ඝ ලෙස පවත්වා ගැනීම අනිවාර්යෙන් සිදු විය යුතු ය.

– දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව –

The New York Times ඇසුරෙනි.

91019488 2721077484654715 3733471850433347584 n - Ayurveda for Covid-19

වෛරසයෙන් ආරක්ෂා වීමට ආයුර්වේදානුකුලව උපදෙස් නොමිලේම

ඇඳිරි නීතිය දිගින් දිගටම ක්‍රියාත්මක වන බැවින් වගකීම් සහගත පුරවැසියෙකු ලෙස නිවාස වල රැඳී සිටින ලෙස දැනුවත් කරන අතරම, මෙම කාලය තුල ඔබට ඇතිවන ඕනෑම වෛද්‍ය ගැටලුවකට හෝ වෛරසයෙන් ආරක්ෂා වීමට ආයුර්වේදානුකුලව ගත යුතු ආරක්‍ෂිත පියවර පිලිබඳ අවශ්‍ය උපදෙස් නොමිලේම ලබා දීමට උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය කණ්ඩායම සුදානම්. මේ සඳහා ඔබට ආසන්නම ආයුර්වේද වෛද්‍යවරයා අමතන්න.

90403913 2721698727925924 5151569025351811072 n - Ayurveda for Covid-19

ආයුර්වේදානුකුලව නිවෙස් විෂබීජ හරණය

මේ වන විට COVID -19 වෛරසය ක්‍රමයෙන් ව්‍යාප්තවීමේ වර්ධනයක් පෙන්වා තිබෙනවා. මෙවන් මොහොතක ආයුර්වේදානුකුලව අපගේ නිවෙස් විෂබීජ හරණය කල හැකි ආකාරය පිලිබඳ යම් අවබෝධයක් ලබා දීමට අදහස් කළෙමු.
සුශ්‍රැත සංහිතාවේ සඳහන් පරිදි ගුග්ගුලු (Comiphera mukul),එල අබ (brassica alba), කොහොඹ පත්‍ර(Azadirachta indica), අගරු (Aquilaria agallocha), සර්ජ රස (Vateria Indica), වදකහ (Acorus Calamus) යන ඒවායේ චුර්ණ යොදාගෙන දුම් ඇල්ලීම මඟින් (මෙය කබලේ දුම් ඇල්ලීම මඟින් සිදු කල හැකි අතර ඊට ගිතෙල් ද එකතු කල හැක) නිවෙස් හා රෝගීන් සිටිනා ස්ථාන විෂබීජ හරණය කිරීම සිදු කල හැකි අතර මෙම ද්‍රව්‍යන් තම්බා ගත් කෂාය රෝගී වස්ත්‍ර,ඇතිරිලි ආදිය විෂබීජ හරණය කරමින් සේදීම සඳහා යොදා ගත හැක. එමෙන්ම රෝගී ඇඳුම් ඇතිරිලි ධුමායනය සඳහා ගිතෙල්,එළ අබ,හිංගු යොදා ගත හැකි බව කාශ්‍යප සංහිතාවේ සඳහන් වනවා.
ධුමායනය සඳහා භාවිතා කල හැකි ද්‍රව්‍යයක් ලෙස දේවදාර යොදා ගත හැකි බව අෂ්ඨාංග හෘදය සංහිතාවේ දක්වා තිබෙනවා.

මිට අමතරව ගිතෙල්,ජටාමාංස (Nardostachys jatamansi), ඉරිවේරිය (Plectranthus zatarhendi), ශතපුෂ්ප (Pimpinella anisum
), නිල් මානෙල් (Nymphaea nouchali), සැවන්දරා (Chrysopogon zizanioides), මදුරුතලා (Ocimum tenuiflorum
) අනු ධුප ලෙස (ඉහත ද්‍රව්‍යන්ගෙන් ධුමායනය කිරීමෙන් අනතුරුව නිරන්තරයෙන් ධුමායනය කිරීම සඳහා) යොදා ගත හැකි බවත් විශේෂයෙන්ම රෝගීන් සිටින ස්ථාන විෂබීජ හරණය සඳහා කොහොඹ පංචාංග චුර්ණය ගිතෙල් සමඟ ධුමායනය ලෙසත් කාශ්‍යප සංහිතාවේ සඳහන්ව තිබෙනවා.

රෝගය වළක්වා ගැනීමට ආයුර්වේදනුකුලව ගත හැකි තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ලිපි මඟින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. විෂබීජ නාශක ද්‍රව්‍යයන්ට ඉහල ඉල්ලුමක් පවතින මෙවන් අවස්ථාවක එම ද්‍රව්‍යයන් සොයා ගැනීමේ අපහසුතා ඇති විය හැකියි, එවන් තත්ත්වයක දී වුව ද නිවසේම පවතින ද්‍රව්‍යයන් භාවිතයෙන් ආයුර්වේදානුකුලව මෙම කාර්යන් සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීමට අප අදහස් කරනවා.

-විශේෂ ස්තුතිය-
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ කථිකාචාර්ය වෛද්‍ය පේෂලා කාරියවසම් මෙනවිය.

90231998 2712719192157211 8919611449802752000 n - Ayurveda for Covid-19

කොරෝනා(COVID- 19) මැඬලීමට, ආයුර්වේදයෙන්....

කොරෝනා(COVID- 19) මැඬලීමට,
ආයුර්වේදයෙන්….

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුළද ව්‍යාප්ත වෙමින් පවතී. මෙම ආසාදනයෙන් මිදීම සඳහා ආයුර්වේද ජීවන දර්ශණය බෙහෙවින් උපකාරී වෙයි.

මෙම COVID-19 වෛරසය ශ්වසන මාර්ගය හරහා සම්ප්‍රේෂණය වේ.
සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යා රෝගයේ ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ මෙහිදීද ඇති වේ.
මේ දින වල බොහෝ දෙනෙකුට මෙවැනි රෝග ලක්ෂණ පැවතිය හැකි අතර එය බිය විය යුතු තත්වයක් නොවේ.
නමුත් ඔබ අසාදිත පුද්ගලයකු සමඟ යම් ආකාරයක ගනුදෙනු සිදුකර ඇත්නම් හෝ රෝගය ව්‍යාප්තව පැවති රටක සිට පැමිණි අයකු නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

අවධානම් කණ්ඩායම්

වයසින් වැඩි පුද්ගලයින්
කුඩා දරුවන්
ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයින්
ගැබිණි හා කිරිදෙන මවුවරුන්
කලක සිට බෝ නොවන රෝග වලින් පෙලෙන අය(දියවැඩියා, පිළිකා, හතිය, අධිරුධිර පීඩනය,…)
අධික ලෙස කය වෙහෙසන සහ නිදි වරන පුද්ගලයන්
දුම් පානය හා මත්ද්‍රවය භාවිත කරන්නන්

රෝග ලක්ෂණ

පළමුව වෛරසය උගුරට ආසාදනය වේ. උගුරේ වියළි ගතියක් දින 3-4 ක් පවතී.
උණ,කැස්ස,නාසය සිරවීම, හිසරදය, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ පසුව ඇති වේ.

කොරෝනා වෛරස අසාදනයෙන් වැළකීමට…..

නිතර සබන් යොදා අත් සේදීම
අපිරිසිදු අත් වළින් මුහුණ ස්පර්ශයෙන් වැළකීම
පොදු ස්ථාන සහ සෙනග රැස්වන ස්ථාන වලට යාම සීමා කිරීම අවශ්‍ය විට මුහුණු ආවරණ පැළදීම
ප්‍රතිශක්තිය වඩන පෝෂණ ගුණයෙන් සපිරි දේශීය ආහාර පාන වැඩිපුර ගැනීම.
ප්‍රති ඔක්ෂිකාරක ගුණයෙන් වැඩි තුනපහ, කුළුබඩු, දෙහි, සියඹලා, සුදුළුනු වැනි ද්‍රව්‍ය වැඩිපුර ආහාරයට ගැනීම.
ආහාර පාන උණුවෙන් ගැනීම. සීත කළ ආහාර භාවිතය අවම කිරීම.
පාන්පිටි, කිරිපිටි, කෘතිම ආහාර, මස් මාංශ, වැනි ආහාර භාවිතය අවම කිරීම.
උණු කර නිවා පෙරා ගත් පිරිසිදු පානීය ජලය භාවිතය. (දිනකට වතුර ලීටර් 03ක් පමණ )
මානසික සෞක්‍ය දියුණු කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම. ( පිරිත්,භාවනා, යෝග ….)
රාත්‍රී කාලයේ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම (පැය 8-10 ත් අතර), සහ දහවල් නිදා ගැනීමෙන් වැළකීම.

පරිසරයේ පවිත්‍රතාව සඳහා
නිවාස වල දොර ජනෙල් විවෘර්ත කර හිරු එළිය වැටීමට සැලැස්වීම සහ කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි වියළා ගැනීම
පරිසරයේ හා නිවාස වල විෂබීජහරණය සඳහා ඖෂධීය දුම් ඇල්ලීම ( මේ සඳහා අගිල්,ගුගුල්, දේවදාර,පෙරුම්කායම්, කොහොඹ කොළ, දුම්මල, කැකුණ ඉටි, මදුරුතලා, කුරුඳු කොළ ආදී ද්‍රව්‍ය පොල් කටු අඟුරු වලට දමා දුන් ඇල්ලිය හැක)

වෛරස රෝග නිවාරණය සහ ශරීර ප්‍රතිශක්ති වර්ධනය

ආහාරයේ පෝෂණ ඌණතාවයන් හේතු කොටගෙන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වේ.
මේ හේතුවෙන් යම් විෂබීජ ආසාදනයක් ඇතිවූ විට ඊට මුහුණ දීමට ඇති හැකියාව දුර්වල වේ. එවිට රෝග වලට ඉතා පහසුවෙන් ගොදුරු වේ.
දිනපතා ආහාරයෙන් සිරුරට ලැබිය යුතු පෝෂණ කොටස් 91ක් පමණ ඇත. ඛණිජ ලවණ වර්ග 60ක්, විටමින් 16ක්, ඇමයිනෝ අම්ල 12ක්, මේද අම්ල වර්ග 02ක් මේ අතර ඇත.
එබැවින් මෙම පෝෂණ කොටස් ටික අඩංගු වස විෂෙන් තොර දේශීය ආහාර පාන දිනපතා ආහාරයට එක් කර ගත යුතුය.

වැඩි දුර උපදෙස් හා තොරතුරු සඳහා ඔබේ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයා හමු වන්න.

ප්‍රතිශක්තිය වඩන දේශීය ආහාර පාන

දේශීය සහල් වර්ග
(කළුහීනැටි, පච්චපෙරුමාල් ,කහවනු, මඩතවාලු, සුවදැල්, ආදී. . .)
පළතුරු වර්ග
(දොඩම්, දෙළුම්, නෙල්ලි, ගස්ලබු, පේර, වෙරළු, බෙලි, කොමඩු, කාමරංකා, කෙසෙල්,අනෝදා . . .)
දේශීය අල වර්ග
(ඉන්නල,රාජල,හුලන්කීරිය,දන්දින්නල, කටු අල, කිරිඅල, කුකුළල ආදිය. . )
පළා වර්ග
(තම්පළා,සාරණ,ගොටුකොළ,නිවිති, කතුරුමුරුංගා,මුරුංගා කොළ ආදිය. .)
දේශීය එළවළු වර්ග
(එළබටු, තිබ්බටු, තුඹ, කරිවිල, කෙසෙල්බඩ, කොහිල, පොලොස්, කෙසෙල්මුව, අළුකෙසෙල්, ආදිය )
දේශීය පාන වර්ග
(පොකුරු වදමල් තැම්බූ වතුර, තැඹිලි, පොල් වතුර, කොළ කැඳ, පළතුරු යුෂ, බෙලි මල්, රණවරා, එරමුසු, ආදිය. . .)
ඖෂධීය කැඳ වර්ග
(මේවා අක්මාවේ නිරෝගිබව වැඩි කිරීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට හේතු වේ)
මේ සඳහා කොක්මොට, මුස්සැන්ද කොළ, ගොටුකොළ, උඳුපියලිය, යකිනාරං,බටු කොළ, මොණරකුඩුම්බිය ආදි කොළ වර්ග සුදුසුවේ. (මෙහිදී දේශීය සහල් වර්ග යොදා සදා ගැනීම වඩා උචිතය)
දිනපතා විවිධ ආහාර වර්ග පහක් පමණ ආහාරයට එක් කර ගැනීමද, තම ප්‍රදේශයේ වැවෙන ආහාර පාන බහුලව ආහාරයට ගැනීමද ඔබේ නිරෝගී භාවයට හේතු වේ.

කොරෝනා මැඬලීමට දේශීය ඔසු

ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, සුදුළුනු 20g බැගින් ගෙන වතුර කෝප්ප 04ක් දමා 01 ට සිඳ බොන්න.

ඉඟුරු, වෙනිවැල්ගැට, කොත්තමල්ලි, කටුවැල්බටු, එළබටු මුල් 10g බැගින් ගෙන වතුර කෝප්ප 04ක් දමා 01 ට සිඳ බොන්න.

කටුවැල් බටු, සුවඳ කොට්ටම්, ඉඟුරු, රසකිඳ, ඉරිවේරිය කලං 02යි මදට 08 ට බැගින් ගෙන ගෙන වතුර කෝප්ප 08ක් දමා 01 ට සිඳ උදේ සවස කෝප්ප භාගය බැගින් මී පැණි තේ හැන්දක් දමා බොන්න.
වදකහ,පෙරුම්කායම් කැබැල්ලක් සිරුරේ පළදින්න.

වැදගත් . . .
කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400 ක් 500 ක් පමණ වේ. මේ නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් හරහා වෛරසය ශරීරයට ඇතුළුවීම වළක්වයි.
කොරෝනා වෛරසය වාතයේ නොරැඳේ. එසේම පොළොවට පතිත වන වෛරසය සම්ප්‍රේෂණය නොවේ.
වෛරසය ලෝහ මතුපිටක් මත වැටුණු විට ජීව කාලය පැය 12 කි. එබැවින් සබන් යොදා අත්සේදීම ප්‍රමාණවත්ය.
වෛරසය රෙදි මත වැටුණු විට ජීව කාලය පැය 09 කි. ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය කිරීම මගින් වෛරසය විනාශ කළ හැකිය.
ශ්‍රී ලංකාව දුපතක් වීමත් සමකයට ආසන්නව පිහිටා තිබීම, වසර පුරාම ඉහළ උෂ්ණත්වයක් පැවතීම ආදී කරුණු නිසා අප පරිසරය ක්ෂුද්‍රජීවි වර්ධනයට ස්වාභාවිකවම ප්‍රතිරෝධයක් දක්වයි.
බෞද්ධ සංස්කෘතියෙන් හික්මුණු ඉහළ සෞඛ්‍ය සාක්ෂරතාවයකින් යුතු ප්‍රතිශක්තිය වැඩි ජනතාවක් වෙසෙන අප රට තුළ කොරෝනා වෛරසය පැතිරීමේ ඉඩ කඩ අවම වේ.

හිතායු. . ! සුඛායු. . ! දීර්ඝායු. . !

සැකසුම:
වෛද්‍ය අරුණ අමරසිංහ
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
කිරින්ද පුහුල්වැල්ල.
විමසීම්: දු.ක. 0710474718

COVID-19 යනු ආයුර්වේදයේ සඳහන් මරක රෝගයක් ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් COVID-19 යනු pandemic එකක් බව ප්‍රකාශයට පත් කළේය. සාමන්‍යයෙන් රෝග ව්‍යාප්තිය (outbreak) වසංගතවේදය අනුව endemic, epidemic හා pandemic යන මට්ටම් තුනකට වර්ග කෙරේ. අපි මේ වචන තුනටම අඩුවැඩි වශයෙන් වසංගතයක් ලෙස අර්ථ දක්වමු. එහෙත් pandemic යන්නට වඩාත් උචිත වන්නේ “ජනපදෝධ්වංශය” යන වදන බව එහි ශාස්ත්‍රීය අර්ථය සලකා බලන විට පෙනේ. ලෝකය හරහා ගමන් කරමින් සියලු දේශයන් ආක්‍රමණය කරමින් මිනිසුන් ගේ සියලු කටයුතු අඩාල කරමින් ජනාකීර්ණ නගර පාළු කරමින් ජනපද හෙවත් වාසභූමි විනාශ කරන්නට සමත් අන්දමේ උපද්‍රවකාරී රෝගයක් ව්‍යාප්ත වීම ජනපදෝධ්වංශය නමින් ගත හැක්කේය. මේ රෝග ව්‍යාප්තිය ජනපදෝධ්වංශයක් වන්නේ එනිසාය. ආයුර්වේද ග්‍රන්ථ අනුව මෙය මිනිසුන් ගේ අධර්මය හෙවත් ස්වාභාවධර්මයේ නීති වලට අවනත නොවීමේ මූල හේතුව නිසා උපදින ව්‍යසනකාරී තත්වයක් ලෙස අර්ථ දක්වන්නට හැකිය. මේ වන විට ලෝකයේ ඇති තිබෙන පරිසර අසමතුලිතා සහ කාලගුණික, දේශගුණික විපර්යාස සියල්ලම හරහා රෝගකාරක නව වෛරස බිහිවීමත්, මිනිසුන් ගේ ප්‍රතිශක්ති පද්ධතියේ බිඳ වැටීම නිසා ඒවාට පහසුවෙන් ගොදුරු වීමත් සිදුවෙමින් පවතී.

ඍතු විපර්යාස සහ භූමියේ විරසභාවය යන බාහිර හේතු දෙකම මිනිස් ක්‍රියාකරකම් වල ප්‍රතිඵල ලෙස වටහා ගැනීම අපහසු නොවේ. මිනිසුන් නිවෙස් වලට වී ගත කරන කාලය තුළ පරිසරයට ඇති වන සාධනීය බලපෑම මේ වනවිට ප්‍රමාණාත්මකව ඔප්පු වී හමාරය. පරිසර දුෂණය අවම වී තිබේ. ඕසෝන් ස්තරය පිළිසකර වෙමින් තිබේ. ලෝකය සුවපත් වෙමින් තිබේ. මෙය එක්තරා ආකාරයකින් අනියමින් මිනිස් වර්ගයාට දුන් පණිවුඩයක් ද වේ. ආයුර්වේදයේ ජනපදෝධ්වංශය ගැන කියැවෙන්නේ මිනිසුන් ගේ අධර්ම හේතුවෙන් උපදින යම් ස්වභාවික ප්‍රතික්‍රියාවක් ලෙසින් ය. චරක සංහිතාව සහ සුශ්‍රුත සංහිතාව මෙහිලා එකඟ වන කරුණක් තිබේ. එනම් ජනපදෝධ්වංශයේ දී විවිධාකාර දේශ, ආහාර විහරණ, වයස්, ප්‍රකෘති ඇති කණ්ඩායම් වලට එකම කාලයකදී එක් වරම එකම ආකාරයක රෝගයක් ඇතිවන බවය. ඕනෑම සංක්‍රාමික රෝගයක අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණය තිබේ. වෛරස ආසාදන රෝග වල වඩාත් ප්‍රකටව මේ සමානත්වය ප්‍රකට කරන අතර වෛරසයකට සිය ස්වභාවික ලක්ෂණ වෙනස් කරමින් අනුවර්තනය වීමේ හැකියාව නිසා මේ තත්වය වඩාත් ප්‍රබලව සිදුවේ.

සුශ්‍රුත සංහිතාවට අනුව ජනපදෝධ්වංශයක් තුළ පැතිර යන මරක නම් (මාරක නොවේ.) රෝග වර්ගයක් ගැන කියැවේ. ඒ සම්බන්ධයෙන් විස්තර සඳහන් නොවුණත් එය plague යන ඉංග්‍රීසි වචනයට සමාන බැව් කිව හැකිය. එහෙත් මේ වචනය අද ප්‍රකටව ඇත්තේ මහාමාරිය රෝගය සඳහා වුවත් මෙහි මුල් අරුත වන්නේ ඉතා වේගයෙන් පැතිරයමින් මිනිසුන් මරා දමන සංක්‍රාමික රෝගයක් යන්නයි. ඊට අමතරව ප්‍රකට ඉංග්‍රීසි ශබ්දකෝෂ මේ සඳහා දී ඇති අර්ථ බලන්න. ඒවා මගින් කියැවෙනුයේ වසංගත ආකාරයෙන් පැතිරෙන කුමන හෝ භයානක රෝගයක් ගැනය.

1. any disease that spreads quickly and kills a lot of people (Oxford Dictionary)

2. A plague is a very infectious disease that spreads quickly and kills large numbers of people. (Collins English Dictionary)

3. a large number of things that are unpleasant or likely to cause damage (Cambridge English Dictionary) an epidemic disease causing a high rate of mortality (Merriam-Webster)

4. any serious disease that spreads quickly to a lot of people and usually ends in death (Macmillan Dictionary)

5. a disease that causes death and spreads quickly to a large number of people (Longman Dictionary of Contemporary English)

අපේ පැරැණි සමාජයේ ප්‍රකට අහිවාතක රෝගය, රතාක්‍ෂි උපද්‍රවය, ආදී සියලු රෝග මේ ගණයට අයත් වේ. පසු කාලයේ වාර්තා වූ මෙවැනි රෝග කිහිපයක් ම තිබේ.

1. Plague of Galen (165) – මිලියන 5 ක් මරණයට පත්විය. Plague of Galen හෙවත් Antonine Plagueනමින් ද හැඳින්වේ.

2. Bubonic Plague (541-542) – මිලියන 25 ක් මරණයට පත්විය. Plague of Justinianනමින් ද හැඳින්වේ.

3. Bubonic Plague(1346-1353) – මිලියන 75-100 ක් මරණයට පත් විය. black death නමින් හැඳින්වේ.

4. Third Cholerapandemic (1852–1860) මිලියන 1 ක් මරණයට පත් විය.

5. Flu pandemic (1889-1890) මිලියන 1 ක් මරණයට පත් විය. Asiatic Flu හෙවත් Russian Flu නමින් ද හැඳින්වේ.

6. Sixth Cholerapandemic (1910-1911) ලක්ෂ 8 කට අධික සංඛාවක් මරණයට පත් විය.

7. Flu pandemic (1918) මිලියන 20-50 දක්වා සංඛ්‍යාවක් මරණයට පත් විය.

8. Asian Flu pandemic (1956-1958) මිලියන 2 ක් මරණයට පත් විය.

9. Flu pandemic (1968) මිලියන 1 ක් මරණයට පත් විය. Hong Kong Flu නමින් ද හැඳින්වේ.

10. HIV/AIDS pandemic (2005-2012) මිලියන 36 ක් මරණයට පත් විය.

ඒ අනුව බලන කල COVID-19 යනු ආයුර්වේදයේ සඳහන් “මරක” හෙවත් plague ගණයේ රෝගයක් බව පෙනේ. ආයුර්වේදය යනු සර්වකාලීන විශ්වීය විද්‍යාවක් බව කියන්නට වෙනත් සාක්ෂි කුමට ද? චරක සංහිතාව පෙන්වා දෙන පරිදි මේ ගතවන්නේ කලියුගය බව අමතක නොකළ යුතුය. වෛදික ජ්‍යෝතිෂයේ සූර්ය සිද්ධාන්ත ගණනය අනුව කලියුගය ඇරඹුණේ ක්‍රි.පූ. 3102 පෙබරවාරි 18 වැනි දාය. මේ යුගය අවසානයේ දී ඇති වන මෙවැනි රෝගයන් ට ප්‍රතිකාර කිරීමේ දී අග්නිවේශ අප තුළ ඇති කළ විශ්වාසය කෙබඳු දැයි බලන්න. මේ වගේ සැලසුමක දී තියෙන්න ඕනේ ප්‍රධාන ලක්ෂණ තුනක් එතුමා කියනව ඉංග්‍රීසියෙන් කිව්වොත් well-prepared, well-planned and well-implemented (well-administered).

“කල් තබා මනාව උද්ධෘත වූ ද මනාව සම්පාදිත වූ ද මනා කොට යොදන ලද්දා වූ ද රසා දී ගුණ සමන්විත ඖෂධයන් හේතු කොට ජනපදෝධ්වංශය කරන්නා වූ රෝගයන් ට ප්‍රතිකාර කිරීමේදී කිසි දු ගුරුත්වයක් නොවන්නේය.” (ච. වි. 5)

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Coronavirus Overview

Coronavirus disease (COVID-19) is an infectious disease caused by a newly discovered coronavirus.

Most people infected with the COVID-19 virus will experience mild to moderate respiratory illness and recover without requiring special treatment.  Older people, and those with underlying medical problems like cardiovascular disease, diabetes, chronic respiratory disease, and cancer are more likely to develop serious illness.

The best way to prevent and slow down transmission is be well informed about the COVID-19 virus, the disease it causes and how it spreads. Protect yourself and others from infection by washing your hands or using an alcohol based rub frequently and not touching your face. 

The COVID-19 virus spreads primarily through droplets of saliva or discharge from the nose when an infected person coughs or sneezes, so it’s important that you also practice respiratory etiquette (for example, by coughing into a flexed elbow).

At this time, there are no specific vaccines or treatments for COVID-19. However, there are many ongoing clinical trials evaluating potential treatments. WHO will continue to provide updated information as soon as clinical findings become available.

Prevention

To prevent infection and to slow transmission of COVID-19, do the following:

  • Wash your hands regularly with soap and water, or clean them with alcohol-based hand rub.
  • Maintain at least 1 metre distance between you and people coughing or sneezing.
  • Avoid touching your face.
  • Cover your mouth and nose when coughing or sneezing.
  • Stay home if you feel unwell.
  • Refrain from smoking and other activities that weaken the lungs.
  • Practice physical distancing by avoiding unnecessary travel and staying away from large groups of people.

Symptoms

The COVID-19 virus affects different people in different ways.  COVID-19 is a respiratory disease and most infected people will develop mild to moderate symptoms and recover without requiring special treatment.  People who have underlying medical conditions and those over 60 years old have a higher risk of developing severe disease and death.

Common symptoms include:

  • fever
  • tiredness
  • dry cough.

Other symptoms include:

  • shortness of breath
  • aches and pains
  • sore throat
  • and very few people will report diarrhoea, nausea or a runny nose.

People with mild symptoms who are otherwise healthy should self-isolate and contact their medical provider or a COVID-19 information line for advice on testing and referral.

People with fever, cough or difficulty breathing should call their doctor and seek medical attention.

COVID-19 virus can be transmitted in areas with hot and humid climates

From the evidence so far, the COVID-19 virus can be transmitted in ALL AREAS, including areas with hot and humid weather. Regardless of climate, adopt protective measures if you live in, or travel to an area reporting COVID-19. The best way to protect yourself against COVID-19 is by frequently cleaning your hands. By doing this you eliminate viruses that may be on your hands and avoid infection that could occur by then touching your eyes, mouth, and nose.

Cold weather and snow CANNOT kill the new coronavirus.

There is no reason to believe that cold weather can kill the new coronavirus or other diseases. The normal human body temperature remains around 36.5°C to 37°C, regardless of the external temperature or weather. The most effective way to protect yourself against the new coronavirus is by frequently cleaning your hands with alcohol-based hand rub or washing them with soap and water.

Taking a hot bath does not prevent the new coronavirus disease

Taking a hot bath will not prevent you from catching COVID-19. Your normal body temperature remains around 36.5°C to 37°C, regardless of the temperature of your bath or shower. Actually, taking a hot bath with extremely hot water can be harmful, as it can burn you. The best way to protect yourself against COVID-19 is by frequently cleaning your hands. By doing this you eliminate viruses that may be on your hands and avoid infection that could occur by then touching your eyes, mouth, and nose.

The new coronavirus CANNOT be transmitted through mosquito bites.

To date there has been no information nor evidence to suggest that the new coronavirus could be transmitted by mosquitoes. The new coronavirus is a respiratory virus which spreads primarily through droplets generated when an infected person coughs or sneezes, or through droplets of saliva or discharge from the nose. To protect yourself, clean your hands frequently with an alcohol-based hand rub or wash them with soap and water. Also, avoid close contact with anyone who is coughing and sneezing.

Are hand dryers effective in killing the new coronavirus?

No. Hand dryers are not effective in killing the 2019-nCoV. To protect yourself against the new coronavirus, you should frequently clean your hands with an alcohol-based hand rub or wash them with soap and water. Once your hands are cleaned, you should dry them thoroughly by using paper towels or a warm air dryer.

Can an ultraviolet disinfection lamp kill the new coronavirus?

UV lamps should not be used to sterilize hands or other areas of skin as UV radiation can cause skin irritation.

How effective are thermal scanners in detecting people infected with the new coronavirus?

Thermal scanners are effective in detecting people who have developed a fever (i.e. have a higher than normal body temperature) because of infection with the new coronavirus.

However, they cannot detect people who are infected but are not yet sick with fever. This is because it takes between 2 and 10 days before people who are infected become sick and develop a fever.

Can spraying alcohol or chlorine all over your body kill the new coronavirus?

No. Spraying alcohol or chlorine all over your body will not kill viruses that have already entered your body. Spraying such substances can be harmful to clothes or mucous membranes (i.e. eyes, mouth). Be aware that both alcohol and chlorine can be useful to disinfect surfaces, but they need to be used under appropriate recommendations.

Do vaccines against pneumonia protect you against the new coronavirus?

No. Vaccines against pneumonia, such as pneumococcal vaccine and Haemophilus influenza type B (Hib) vaccine, do not provide protection against the new coronavirus.

The virus is so new and different that it needs its own vaccine. Researchers are trying to develop a vaccine against 2019-nCoV, and WHO is supporting their efforts.

Although these vaccines are not effective against 2019-nCoV, vaccination against respiratory illnesses is highly recommended to protect your health.

Does the new coronavirus affect older people, or are younger people also susceptible?

People of all ages can be infected by the new coronavirus (2019-nCoV). Older people, and people with pre-existing medical conditions (such as asthma, diabetes, heart disease) appear to be more vulnerable to becoming severely ill with the virus. 

WHO advises people of all ages to take steps to protect themselves from the virus, for example by following good hand hygiene and good respiratory hygiene.

Are antibiotics effective in preventing and treating the new coronavirus?

No, antibiotics do not work against viruses, only bacteria.

The new coronavirus (2019-nCoV) is a virus and, therefore, antibiotics should not be used as a means of prevention or treatment.

However, if you are hospitalized for the 2019-nCoV, you may receive antibiotics because bacterial co-infection is possible.

කොරෝනා ජයගන්න ආයුර්වේද උපදෙස්

Verified Articles and Details from

16730471 1204018799693932 9076282663031950024 n 300x300 - Ayurveda for Covid-19
84468246 103699647861770 263919718795051008 n 300x297 - Ayurveda for Covid-19
l61qZdR 400x400 300x300 - Ayurveda for Covid-19

Share this:

Like this:

%d bloggers like this: