0
COVID-19, ආයුර්වේදය සහ වෙනස් වන ජිවන රටාව

Covid-19 ආයුර්වේද ඇසින්

ජනපද උධ්වංශය හෙවත් නගර/ගම් දනවු පිටින් විනාශ වන රෝග කාණ්ඩය යටතට ගත හැකි මෙම වෛරස රෝගය සංක්‍රාමික රෝග හෙවත් රෝගී පුද්ගලයන්ගෙන් නිරෝගී පුද්ගලයන්ට බෝ වන රෝගයකි.

ආයුර්වේදයට අනුව මෙසේ රෝග පුද්ගලයන් අතර පැතිරෙන ක්‍රම කිහිපයකි

  • ප්‍රසංග – sexual acts
  • ගාත්‍ර සංස්පර්ශ – By touch
  • නිශ්වාස- Breathing
  • සහභෝජන- By eating together
  • සහශෛයා- By sleeping together
  • ආසන- By sitting together
  • වස්ත්‍රමාල්‍යනුලේපන- By sharing clothes and cosmetics

කොවිඩ් 19 තත්වය සැලකු විට එය ප්‍රධාන වශයෙන් බෝ වන ක්‍රමය ප්‍රශ්වාස වාතය මගින් බව සියලුදෙනා දන්නා කරුණකි.ඒ වගේම ඉහත සදහන් සියලුම ක්‍රම මගින් රෝගය බෝ වන බව පැහැදිලිය.

ව්‍යාධික්ෂමත්වය හෙවත් රෝගකාරක වලට එරෙහි වීමේ හැකියාව අඩු පුද්ගලයන්ට මෙවැනි රෝග වැලදීමේ සම්භාවිතාව ඉතා ඉහල බව ආයුර්වේදයේ දක්වයි.කොවිඩ් 19 තත්වය සලකු විට එය ශරීර ප්‍රතිශක්තිය (immunity) අඩු පුද්ගලයන් ට රෝගය වැඩි වශයෙන් වැළදෙන බව දැකිය හැක.වැඩි වශයෙන් ශාරීරිකව දුර්වල මහළු වයසේ පුද්ගලයන් හා ප්‍රතිශක්ති ඌනතා රෝග වලින් පෙලෙන අය අතර රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන බව දැකිය හැක.

මෙලෙස බෝ වන රෝග වලින් ආරක්ෂා වන්නේ කෙසේද?

  • පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම
  • පෞද්ගලික ඇදුම් පැළදුම් අනෙක් අය සමග සහයෝගයෙන් භාවිතා නොකිරීම
  • මුහුණු ආවරණ පැළදීම
  • විෂබීජ නාශක ද්‍රව්‍ය පාවිච්චි කිරීම
  • ශරීර ප්‍රතිශක්තිය වැඩි කරන අහර පාන වලට හුරු වීම
  • මුහුණ කට නිතර ස්පර්ශ කිරීමෙන් වැළකිම
  • අනවශ්‍ය ගමන් වලින් වැලකීම

කොවිඩ් නිසා ධනාත්මකව වෙනස් වන ජිවන රටාව

  • රෝගයට ඇති බිය නිසාම මුහුණු ආවරණ සනීපාරක්ෂක උපක්‍රම භාවිතය වැනි දේ නිසා කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වනවා සේම වායු දුෂණය දුවිලි වැනි දේ නිසා ඇති වෙන සෙම් රෝග වෙනත් ශ්වසන රෝග වැලදීම ඉතා අවම මට්ටමක පැවතීම.
  • මුහුණ කට නිතර ස්පර්ශ කිරීමෙන් වැලකීම ආදී උපක්‍රම නිසා ඇස් ලෙඩ වැනි බෝ වන රෝග වැලදීම අවම වීම
  • නිතර අත් සේදීම පිරිසිදු වීම ,එලියට ගොස් එන විට පිරිසිදු වී නිවාස තුලට යාම වැනි හොද පුරුදු වැඩිදියුණු වීම නිසා අනෙක් විවධ රෝග වැලදීම අඩු වීම
  • අනවශ්‍ය ලෙස රැස් නොවීම හා අනවශ්‍ය දේ වලට නොයාම නිසා රෝග නොවන අනවශ්‍ය ගැටුම් ප්‍රශ්න ඇති විම අවම වීම
  • කඩ විදි වල ආහාර ගැනීම අවම වීම හා නිවසේදී අවශ්‍ය  ආහාර සෞඛ්යසම්පන්නව සකස් කර ගැනීමට හුරු වීම නිසා පෝෂණය අතින් ඉහල මට්ටමකට පැමිණීම
  • ශරීර ප්‍රතිශක්තිය ගැන සියලු දෙනා වෙනදාට වඩා සිතීම සහ ආහාර පාන රටාව විහරණ රටාව වෙනස් කරගැනීම කොවිඩ් වසංගතයට වඩා අනෙක් රෝග වලින් ආරක්ෂා වීමට ඉතා පිටුවහලක් වීම.

කොවිඩ් වසංගතය නිසා වෙනස් වෙමින් පවතින ජිවන රටාවේ ධනාත්මක වෙනස්වීම් වල ප්‍රතිඵල රෝගී නිරෝගි සියළුම දෙනා ලබා ගත යුතුය.

ඉදිරියටත් මෙවැනි වසංගත තත්ත්ව ඇති විය හැකි නමුත් එයට මුහුණ දීම සදහා අප සියලු දෙනා පුර්ව සුදානමකින් සිටිය යුතුය. ඒ සදහා මේ වන විට වෙනස් වී පවතින ජිවන රටාව මහගු පිටිවහලක් වනු ඇත.කොවිඩ් වසංගතය ලෝකවාසීන්ට බොහෝ පාඩම් කියා දෙන ස්වභාවික ව්‍යසනයක් වන්නේ ඒ හේතුව මත වේ.

H.G. Shehan Viduranga Jayasuriya

Shehan Viduranga

Final Year Ayurveda Medical Student
(BAMS)
Institute of Indigenous Medicine
University of Colombo

5/5

3 Replies to “COVID-19, ආයුර්වේදය සහ වෙනස් වන ජිවන රටාව”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0
Get DocLanka Android App