Cracked Heels | යටිපතුල් පැලීම

Cracked Heels යටිපතුල් පැලීම

ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ සැලකිලිමත්ද?
නමුත් බොහෝ දෙනෙක් වැඩි සැලකිල්ලක් නොදක්වන එක්තරා කොටසක් දෙසටයි අපි අද අවදානය යොමුකරන්නෙ.
Cracked Heels | යටිපතුල් පැලීම.මෙය ගොඩ දෙනෙකු පීඩා විදින තත්ත්වයක්.නමුත් බොහෝ දෙනෙක්,ඇතැම් ප්‍රදේශවල මතයක් ඇති ආකාරයට,ඔවුන් සිතන්නේ යටි පතුල් පැලීම හොද බවයි.එසේ නොමැති වුවහොත් එය මානසික රෝග ඇතිවීමට තුඩුදෙන බව ඇතැමුන්ගේ මතයයි.නමුත් කකුල් පැලීමෙන් පීඩා විදින අයෙකු දෙස බැලූ විට පෙනීයන්නේ,කකුල් පැලීමම ඔවුන්ව මානසිකව වැටීමට සළස්වන බවයි.

මෙම තත්ත්වය ආයුර්වේදයේ හදුන්වන්නෙ “පාදදාරී” ලෙසයි.ලස්සන වචනයක්.කකුල් පැලිලා කියනවට වඩා පාදදාරී ලෙස යොදාගැනීම කොච්චර ලස්සනද 😀
පාද – විළුඹ,යටි පතුල
දාරී – පැළීම

මේ ආකාරයටයි මේ වචනය සෑදී ඇත්තේ.
මෙය ආයුර්වේදයේ සදහන් ආකාරයට වාත දෝශය නිසා ඇතිවන රෝගයක්.
මෙය ඇතිවීමට සදහා හේතූන් ලෙස ආයුර්වේදයේ දක්වා තිබෙන්නේ මෙවැන්නක්,

වියළි,රළු,උෂ්ණ ,තෙල් අධික,බැදපු ආහාර ආදී වාත දෝශය වැඩි කරන ආහාර රටාවක් තිබීම.
පමණට වඩා ඇවිදීම,සපත්තු සෙරෙප්පු නොදා දිගු දුරක් ඇවිදීම,ඕනෑවට වඩා ඝනත්වයෙන් වැඩි සපත්තු සෙරෙප්පු පැළදීම (Safety Shoes ආදී),සීතල ජලයට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම,ඉතා දිගු කාලයක් සිටගෙනම සිටීම.
අධික ස්තෞල්‍යතාව (බර වැඩිබව)
දියවැඩියා රෝගයෙන් පීඩා විදීම
දින චර්‍යාවේ අක්‍රමවත්බව
මැදිවියේ කාන්තාවන්

මේ සදහා ඉතා හොද ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේදයේ දක්වා තිබේ.මේ අතරින්,
*තෙල්,ආලේප වර්ග ආලේප කිරීම
*දිනපතා මෘදුව සම්බාහනය කිරීම
*යටිපතුල්වල පිරිසිදුබව රැකගැනීම
*යටිපතුල්වල තෙතමනය ආරක්ෂා කරගැනීම

දැන් වෙළදපලේ නොයෙක් ආකාරයේ ක්‍රීම්වර්ග,සේදුම්වර්ග ඇති නමුත් ඉන් බොහෝමයක් රසායනික ද්‍රව්‍ය යොදා සම ගැලවී යන ලෙස සකස්කර ඇති අතර,සෞඛය ආරක්ෂිත ඖෂධ මේ සදහා යොදාගැනීම ආයුර්වේද වෛද්‍යවරු ලෙස අප ඔබට නිර්දේශ කර සිටිමු.
රජයේ ආයුර්වේද රෝහල්වලින් ඔබට නොමිලේම Cracked Heels යටිපතුල් පැලීම සදහා ප්‍රතිකාර ලබාගත හැක.හැකි සෑම විටම උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන්ම ප්‍රතිකාර ලබාගන්න.

තවත් මෙවැනි වටිනා කරුණු දැනගැනීමට පේජ් එකට ලයික් කර පේජ් එක හා එක්වන්න,ලිපිය හොදනම් ලයික් කර යාළුවන් සමග ශෙයා කරන්න.මොකද මෙම රෝග තත්ත්වයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත පිරිසක් සිටිය හැකි බැවිනි.

අපේ Youtube  චැනලයට එකතුවන්න.

ඔබසැමට නිරෝගී දිවියක් අත්වේවා!
බුදුසරණයි!

සටහන,
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය,
හර්ෂණ නිරිඇල්ල
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය ,
කොළඹ විශ්ව විද්‍යාලය.

පහත Buttons මත ක්ලික් කරලා අපේ මේ ලිපිවලට Like කරන්න Share කරන්න .අපේ වැඩ හොදයිනම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *