SPA කඩයක් නොවූ ආයුර්වේදය

SPA කඩයක් නොවූ ආයුර්වේදය

SPA කඩයක් නොවූ ආයුර්වේදය” SPA කිව්ව ගමන් ඇස ගැටුණා නේද?
මේ ලිපිය කියන්න ප්‍රථමයෙන් FB search bar එකේ ස්පා ( SPA )කියන වචනය ශුද්ධ සිංහලෙන් ටයිප් කරලා search කරන්න කියලා මම ඉල්ලිමක් කරනවා.
මන් කියන්න යන කාරණයට මුලික වෙන්නෙ ඒ ස්පා මාෆියාව.යන්තම් හරි මෙ පොලවෙ පයගහපු ඔබට වටහාගන්න පුලුවන් මිනිස්සු මාකට් කරන ලොකෙ ප්‍රචලිත උන ගණිකාවෘතියක් හා ගෑවුණ SPA සංස්කෘතිය නිවැරදි SPA එකක් සහ පංචකර්ම මධ්‍යස්ථානයක් අභිබවා ගොස් තිබෙන ආකාරය.
මෙක නිකන් කිරි කලයට වැටුණ ගොම බිංදුවක් නෙමෙ ගොම හැලියක් බවට පත් වී ඇති ආකාරය.
ලැජ්ජාවට කරුණනම් මිනිස්සු න් සුවපත් කරන වෘතියක් හා බැදුන ආයුර්වෙද වෛද්‍යවරුන්ව SPA ගොඩේ ලා සැලකීමයි.ආයුර්වෙද ය නිවැරදිව හැදෑරු ගුණධර්ම සපිරි වෛද්‍යවරුන් කිසිවෙක් එවැනි පහත් ක්‍රියවල නිරතවන්නන් නොවේ.
1. SPA
2.පංචකර්ම මධ්‍යස්තාන
3. ගණිකා මධ්‍යස්තාන ගැන වෙන්ව මහජනයා තෙරුන් ගත යුතුයි. නැත්නම් අප පත්වන අපහසුතාව මෙන්ම මහජනයා වන මුලාව නිසා විශාල හානියක් සංස්කෘතියට වෙමින් පවතිනවා.
පළමුවෙන්ම ආයුර්වෙද අරමුණු මොනවාදැයි ඔබ දත යුතුයි.
‘ප්‍රයෝජනම් චස්‍ය ස්වස්ථස්‍ය
ස්වස්ථ රක්ෂණමාතුර්ස්‍ය’

සසර සැරිසරන ජිවියා මොක්ෂය කරා යන ගමනේදි ඔහුට එය සුවසේ අවබෝධ කරගැනීමට 1. ස්වස්ථ බව හෙවත් නිරොගිබව රැකගැනීමත්
2. රෝගියා හෙවත් ආතුරයාගේ රොගි බවින් ඔහු මිද වීමත් යන අරමුණු ද්විත්වය මුලික කරගෙන ආයුර්වෙද හෙවත් ආයුෂය රැකගැනිමෙ වේදය හෙවත් දැනුම්පද්ධතිය බිහි විය. එය එකල පත් කෙරුණේ සුදුසුකම් සහිත පෙර පින් සහිත ගුණ ධර්ම සහිත පුද්ගලයන්ට විනා මෙය මාකට් කරන අයට නොවේය.එනම් මිනිසාගේ සෞඛ්‍ය සංරක්ෂණයට ආයුර්වෙද බිහි වුනා මිස ඇතැමෙක්ගේ බඩවියත රැකගැනිමට ආයුර්වෙද බිහි නොවුණ බව කවුරු කවුරුත් දැනගත යුතුයි .
මෙහි “#ස්වස්ථ #රක්ෂණය” යන මුලික පරමාර්තය සාක්ෂාත් කරගන්නට ස්වස්ත වෘත මෙන්ම පංචකර්ම ද ඉවහල් වේ.
එමෙන්ම පංචකර්ම මුලිකව දෝෂ ශෝධනය කිරිම එනම් ඇතැම් රොග සුව කිරීමෙ මුලික චිකිත්සා ක්‍රමයකි.
ආයුර්වෙද පංච කර්ම කියන්නෙ සරලවම කර්ම පහක්.. මොනවද මේ කර්ම පහ?
නස්‍ය
වමන
විරේචන
වස්ති
රක්ත මොක්ෂණය
මෙය ඉතා පුළුල් ක්‍රමවේදයක් ඒ ගැන වැඩිදුර දැනගැනීමට මෙ ලිපිය කියවන්න ඔබට පුලුවන්
👇
https://m.facebook.com/story.php?story_fbid=1839608136333681&id=1839559759671852

මීට අමතරව කේරළිය පංචකර්ම ලෙස දකුණු ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයේ තිබෙන තවත් ශිල්ප ක්‍රම මෙයටම ඇතුලත් වී තිබෙනවා.ශීරෝධාරා ,ශිරෝ වස්ති,පිස්චිල්, ආදි ලෙස තවත් බොහො ක්‍රමවේදයන් අන්තර්ගතයි.

පංචකර්ම කිරිමට පෙර රොගියෙක්ට ස්නේහ ස්වේද යනාදි ලෙස තෙල් අභ්‍යංග කිරිම හා ස්වේදනය කිරිම ලෙස පූර්ව කර්ම කල යුතුයි. ඉන් අනතුරුව ඉහත කී පංචකර්ම කරනු ලබනවා. එහිදි තෙල් අභ්‍යංග කිරීමේදි සම්බාහන ක්‍රමවේදයක් පවතිනවා. එය වෙනම ක්‍රමවේදයක්. ඒ සදහා නොයෙක් ශිල්පික්‍රම පවතිනවා. බොහෝ විට SPA කලාව තුල ඔබට හමුවන්නෙ මෙ මසාජ් තෙරපි ඇතුලත් ක්‍රම ස්නේහ ස්වේදන අන්තර්ගත මස්කඩ සෙන්ටර් මාෆියාවයි.

SPA යනු “Sanus Per Aqua” කියන අර්ථයයි. සරලවම කිවහොත්. 👇
ස්පා යනු ඛනිජ බහුල උල්පත් ජලය (සහ සමහර විට මුහුදු ජලය)ඖෂධීය ස්නානය සඳහා භාවිතා කරන ස්ථානයකි. ස්පා නගර හෝ ස්පා නිවාඩු නිකේතන (උණුසුම් උල්පත් නිකේතන ඇතුළුව) සාමාන්‍යයෙන් විවිධ සෞඛ්‍ය ප්‍රතිකාර ලබා දෙන අතර ඒ
ඛනිජ ජලයේ රෝග නිවාරණ බලය පිළිබඳ විශ්වාසය ප්‍රාග් ඓතිහාසික යුගයට දිව යයි. ඒ අනුව එවැනි ජලීය වටපිටාවක් හා සෞන්දර්යත්මක පරිසරයක් ඇතිව
නියමිත ප්‍රමිතිය ක් ඇතුව සකස් කල මනරම් දැකුම්කලු ස්වභාවික සංදර්ශනියව සකස් කල ස්ථානයක් ස්පා සෙන්ටර් එකක් බවට පත් වේ. ( ජලය පොදක් නැති මහ ටවුමේ තට්ටු දෙකෙ බිල්ඩිම්වලත් ස්පා බිහිවේ😂) එමෙන්ම Aroma therapy, water therapy , Heat therapy ආදි වශයෙන් නොයෙකුත් චිකිත්සාවන් මේ නිවැරදි ස්පා එකක් තුළ භාවිතා වේ.
Massage therapy යනු එහි එක් අංගයක් පමණි. මෙහිදි Touch & Hepatic communication එනම් වාචික නොවන දෘශ්‍ය නොවන ස්පර්ශය හා සංවේදනය මගින් පුද්ගල සම්බන්ධතාවන් ගොඩ නැගිම හරහා වන සන්නිවේදනයක් ( def-non verbal & non visual communication & interaction through the sense of touch in interpersonal relationship especially in physical intimaly)හරහා ඔබගේ මාංශපේශින් සම්භාහන කෙරේ.එය වෛද්‍යවරයෙක් යටතේ සේවය කරන තෙරපි වරුන් හා වරියන් පිලිවලින් පුරුෂයන්ට පිරිමි ද කාන්තාවන්ට කාන්තාවන්ද ලෙස සේවයට යොදාගත යුතුයි.

එසේම ස්පා සෙන්ටර් එකක් හෝ පංච කර්ම මධ්‍යස්තානයක් පවත්වාගත යුතු වන්නෙ සුදුසුකම් ලත් ආයුර්වෙද වෛද්‍යවරයෙක්ගෙ අනුදැනුම යටතේය. කාලය, ප්‍රදේශය, පුද්ගල ප්‍රකෘතිය, රෝග තත්ත්වය රොගි බල කාය බල ආදිය බලා වෛද්‍යවරු විසින් නියම කරන ලද සුදුසු චිකිත්සා පද්ධතියක් ඒ ඒ පුද්ගලයාට අනුරූප ආකාරයට සිදු කල යුතුයි එසේ සිදු නොකලහොත් අදාල පුද්ගලයාට උපද්‍රව (complications ) මතුවිය හැකි.

තුන්වෙනි කාරණය ස්පා නමින් පවත්වාගෙන යන ගණිකා කඩ ගැනයි. එහිදි අර ඉහතින් සදහන් කරන ලද hepatic touch එක මගින් ඔබේ ආත්මය මුදල් කාලය විනය මෙන්ම ජිවිතේම විකුණාගන්නා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. ඒවායෙ වෙන්නෙ මොනවාද කරන්නෙ කවුද මම ඔබට අමුතුවෙන් කිව යුතු නෑ. ගිනිගහන අව්වෙ කුණු ඇලවල් ආශ්‍රිතවත් Sanus Per Aqua🤭😂 SPA තිබිම හාස්‍යජනකය. වියාජ ලෙස පවත්වාගෙන යන මේ මස්කඩවල වෛද්‍යවරයෙක් ගෙන් ලබාගත් බලපත්‍රයන් රාශියක් තොරණක් මෙන් සටහන් කර තිබෙන අතර වෙද නලාවක් දාගත් වෛද්‍යප්‍රතිරූපකයෙක් එහි ඔබව ගොනාට අන්දමින් ඔස්කා සම්මාන දෙන රංගනයක නිරත වේ. සැබෑ ලෙසම ආයුර්වෙද ප්‍රතිකාර හෝ පංචකර්ම සදහා පැමිණි රෝගින්ට කොකටත් තෛලයක් ලියා ශෙප් එකෙ හරවා යවන අතර ගෙදර බත් මදිවි එන අමනයන්ව ඉතා ආදරයෙන් සුර ලොවට රැගෙන යන්නට සුරලියන් වන් ලදුන් ඔහුව වටකරමින් සිටී. යම් ස්පා ආයතනයකට හෝ පංචකර්ම මධ්‍යස්තානයක ඔවැනි බහු රූ කෝළමක් දිස් වෙනවානම් අනිවාර්යයෙන් දෙවරක් සිතා ඇතුලු වන්න. එය ඔබේ අවශ්‍යතාව අනුව තීරණය වන්නක්. 😏 මොකද මේවා ගැන දැනගෙන යන අමනයන් සිටින අතර නොදැන ඇතුලු වී විනාසයට පත් වී නොයෙකුත් සමාජ රොග සාදාගෙන ආයුර්වෙද වෛද්‍යවරුන්ට ගරහන අයවලුන් මේ වෙනස පැහැදිලි ව තෙරුන් ගන්න ඔන. ස්පා යන නමින් වැජඹෙන ගණිකා සේවා හරහා නිරෝගි මිනිස්සු ගණනාවකට සමාජ රොග බෝ වී යමින් ඔවුන්ගෙ පවුල් ජිවිතෙ අසාර්ථක වෙමින් ජිවිතෙ ම අපායක් වූ සිදුවීම් සති අන්ත පුවත්පත් වලින් ඔබ කියවා ඇතැයි සිතමි. දැන දැන වැරදි කිරීමෙ පාපය ඔබ ගෙවීමට සූදානම් නම් ඕවාට රිංගුවාට කම් නැත😏😏 එනමුත් ඔබ හරහා ඔබෙ අහිංසක බිරිද ඇතුළුව ඔබෙ ලෙයින් මෙලොව උපදින දරුවාටද එහි විපාක ගෙවීමට සිදුවන බවත් මතක් කරගන්න. එමෙන්ම මේවාට සුදුසු නීතිය ක්‍රියාත්මක නොවන්නෙ මන්දැයි මම නොදනිමි.. නමුත් අනිවාර්යයෙන් කර්මය රිටන් එක දෙන බවනම් එක හෙලා මතක් කල යුතුයි . ආයුර්වෙද යනු කාගෙවත් මස් කඩයක් නොවන බව කවුරු කවුරුත් වටහාගත යුතුයි.
එම නිසා මුලින් පැවසූ SPA කඩයක් නොවූ ආයුර්වේදය යන මාතෘකාව මෙම ලිපියට බොහෝ සේ ගැළපෙන්නේය.
ඒවාට ගොස් අගතියට පත් වී යහපත් ලෙස මෙ ශාස්ත්‍රය භාවිතා කරන වෛද්‍යවරුන් හට ඇගිල්ල දික්කරන්නටනම් එපාය. අවභාවිතා කරන අයවලුත් මේ ලිපිය කියවා හෝ තමාගෙ වරද නිවැරදි කරගන්නෙ නම් අගනේය👌
😌
දිනුෂි හංසනි ධර්මසූරිය
BAMS( ug Colombo )

විශේෂ ස්තූතිය ලිපිය ලිවීමට තොරතුරු සැපයු Gimhani Perera වෛද්‍ය තුමිය

පහත Buttons මත ක්ලික් කරලා අපේ මේ ලිපිවලට Like කරන්න Share කරන්න .අපේ වැඩ හොදයිනම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *